Wednesday, January 24, 2024

වඳවී යන ගොඩපර ශාකය (Nature Eye - Article 20)


පොදු නම - ගොඩපර

විද්‍යාත්මක නාමය - Dillenia retusa                   

ඉංග්‍රීසි නාමය - Dillenia retusa

ශ්‍රී ලංකාවට ආවේණික වූ වඳ වී යාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති රතු දත්ත පොතේ සඳහන් ශාකයන් බොහොමයක් අප රටේ පවතී.

ගොඩපර ශාකය යනු එලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි.ගොඩපර ශාකය මීටර් විසක් පමණ උසට සහ සෙන්ටිමීටර හැත්තෑවක් පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන දේශීය හරිත ශාකයකි.මෙම ශාකයේ විශේෂිතම ලක්ෂණය වන්නේ දාර සහිත පත්‍ර පිහිටා තිබීමයි.

ඉතා අලංකාර සුදු පැහැති පුෂ්පයක් ගොඩපර ශාකයේ හටගනී.එම මල් වලින් හටගන්නා ඵල අමුවෙන් කොළ පැහැයෙන්ද ඉඳුණු පසු කහ පැහැයෙන්ද යුක්ත වේ.

ගොඩපර ශාකය පංචාංගයෙන්ම ප්‍රයෝජනවත් ශාකයකි.

ගොඩපර ශාකය වර්ග දෙකකින් දක්නට ලැබේ.

1.දිය ගොඩපර

2.ගොඩ ගොඩපර

විශේෂයෙන්ම දිය ගොඩපර කුඹුරු ආශ්‍රිතව හා ජලය ආශ්‍රිතව පඳුරු වශයෙන ද, ගොඩ ගොඩපර වනාන්තරවල විශාල වශයෙන් ද හටගනී.

බිඳුනු අස්ථි තිස්පැයක් ඇතුලත සවිමත් කළ හැකි ආයුර්වේද වටිනාකමකින් යුත් මේ ශාකය කැඩුම් බිඳුම් වෛද්‍ය ක්ෂේත්‍රයේදී භාවිතා කරන ඉතාමත් වටිනා ප්‍රයෝජනවත් ශාක විශේෂයකි.

කැඩුම් බිඳුම්, අතීසාරය, උණ, පිපාසය, දැවිල්ල, මුඛ රෝග, ඇඳුම, හිස කෙස් ගැලවී යාම, හිස්වරි වැනි රෝග රාශියකට බෙහෙත් සෑදීම සඳහා මෙම ගොඩපර ශාකය ගෙඩි ,කොළ, පොතු යොදා ගනී.වාතය දුරු කිරීමට, සෙම්පිත් මර්ධනයට මෙන්ම හෘද රෝග වලටද හිතකර ශාක විශේෂයකි.

ගොඩපර ශාකයේ මල් ,ගෙඩි, පොතු සේම ගොඩපර ලී ද ඉතා ප්‍රයෝජනවත් වේ.ගොඩපර ලී ඉතා ශක්තිමත් දැව වර්ගයකි. නිවාස සෑදීමේදී යට ලී බාල්ක ලෙස ගොඩපර ශාකයේ ලී භාවිතා කරයි.තවද ගොඩපර ලීයෙන් ශක්තිමත් ගෘහභාණ්ඩ සාදයි. ගොඩපර මල් ,ගෙඩි ව්‍යංජන සඳහාද යොදා ගනී.

උද්භිත කුලයට අයත් දේශීය ශාක විශේෂයක් වන ගොඩපර ශාකය වර්තමානය වන විට පලිභෝධ සහ රෝග, අධික උෂ්ණත්වය,දැව ලෙස ලබාගැනීම හේතුවෙන් වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇත.

එම නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්වී ඇති මෙම ගොඩපර ශාකය ප්‍රයෝජනයට ගනිමින් ඉදිරි පරම්පරාවට සංරක්ෂණය කිරීම ඔබගේත් මගෙත් මහඟු යුතුකමකි.

ඔබ ගසක් බේරා ගන්නේ නම් ඔබ වෛද්‍යවරයෙකුට සමානයි. ඔබ ගසක් සිටුවන්නේ නම් ඔබ මවකට සමානයි. ඔබ ගසක් කපා දමයි නම් ඔබ මිනීමරුවෙකුට සමානයි.

Leo Sayuri Maleesha

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...