Friday, September 8, 2023

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය


අද සැප්තැම්බර් මාසයේ එනම් සාහිත්‍යය මාසයේ 8 වැනි දා.අදවන් දවසක ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදී ඇත.සාක්ෂරතාව මිනිසකු සතු ව පැවතිය යුතු මූලික කුසලතාවක් ලෙස හැඳින්විය හැකිය. මිහිපිට ජීවත්වන ඕනෑම පුද්ගලයකුට ලිවීමට හෝ කියවීමට ඇති ශක්‍යතාවය "සාක්ෂරතාව "යි.

යුනෙස්කෝ සංවිධානය මඟින් සිදුකරන ලද සමීක්ෂණයකදී ලොව වැඩිහිටි ප්‍රජාවෙන් මිලියන 800ක ට ආසන්න ප්‍රමාණයකට  කියවීමට හා ලිවීමට නොහැකි බව අනාවරණය වී ඇති අතර එම ගැටළුවට පිළියමක් ලෙස මහජන දැනුම පුළුල් ව මේ සඳහා යොමු කිරීමට ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ආරම්භ කරන ලදී.

1965 වර්ෂයේ සැප්තැම්බර් මස ටෙහෙරානයේ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ ලෝක සමුළුවක් නූගත්කම තුරන් කිරීමේ අදිටනින් යුනිස්කෝ සංවිධානය ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර ,1966 වර්ෂයේ පටන් සැප්තැම්බර් 8 වැනිදා සිට සෑම වසරකම ලෝක සාක්ෂරතා දිනය අඛණ්ඩව සමරනු ලබයි.මේ ඔස්සේ සාක්ෂරතාවය මූලික මානව  අයිතිවාසිකමක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ ලොව පුරා සාක්ෂරතාවයේ මෙන්ම  අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව දැනුවත් භාවය ද සිදුකර ඇත. සෑම වසරකම ජාත්‍යන්තර සාක්ෂරතා දිනයට සාක්ෂරතාවය සහ අධ්‍යාපනය සම්බන්ධ වත්මන් ගැටලු සහ අභියෝග විසඳීමට විවිධ වූ තේමා උපයුක්ත කොට ගනියි.

ගෝලීය සාක්ෂරතා ඉලක්ක සපුරා ගැනීමේදී තවමත් පවතින අභියෝග ඉස්මතු කිරීමට සහ සාක්ෂරතා අනුපාත වැඩිදියුණු කිරීමේ ප්‍රගතිය සැමරීමට ද මෙම දිනය වේදිකාවක් ලෙස ක්‍රියා ක්‍රියාකරයි .සෑම වසරකම සාක්ෂරතාවේ සහ අධ්‍යාපනය විවිධ අංශ ආමන්ත්‍රණය කරමින් ජාත්‍යන්තර සාක්ෂරතා දිනය තුළ ලොව පුරාම පුද්ගලයින් සවිබලගැන්වීම , දරිද්‍රතාවය අවම කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම හා තිරසාර සංවර්ධනය පෝෂණය කිරීමේ මාධ්‍යයක් බවට ද පත්ව ඇත .එමෙන්ම සාක්ෂරතා වැඩසටහන් ,දැනුවත් කිරීමේ ව්‍යාපාර, සම්මන්ත්‍රණ, සංවිධානය ද ලොව පුරා සිදු වේ.


පුද්ගල සංවර්ධනය,සමාජ ප්‍රගතිය හා ගෝලීය යහ පැවැත්මට ප්‍රධාන ලෙස තුඩුදෙන සාක්ෂරතාවය පුද්ගල කුසලතාවක් ලෙස වර්ධනය කරගත  යුතු මූලික අංගයකි .සාක්ෂරතාව වර්ධනය කරගැනීම කර ගැනීම අපට පහසුවෙන් කළ හැකිය. නිතර පොතපත පරිශීලනය, ලේඛන කුසලතා වර්ධනය කර ගැනීම ඔස්සේ සාක්ෂරතාවය හා දැනුමින් මුහුකුරා ගිය පුද්ගලයකු බවට අපට ද පරිවර්තනය විය හැකිය.මේ වසරේ දී තිබෙන සාක්ෂරතා දිනය නිමිත්තෙන් කියවීම හා ලිවීමෙ කුසලතා අභිවර්ධනය කොටගත් සාක්ෂරතාවයෙන් මුහුකුරා ගිය තරුණයකු හෝ තරුණියක බවට පත්වීමට අපි සැවොම අදිටන් කර  කරගනිමු.එවිට සාක්ෂරතාවයෙන් සුපෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩ නගා ගත හැකිය.


Leo Nisansala Mihirani

Second year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...