Tuesday, September 5, 2023

ජාත්‍යන්තර පුණ්‍ය දිනය

 


වසර 45කට වැඩි කාලයක් පුරාවට අසරණ මිනිසුන්ට සේවය කිරීම සඳහා සිය දිවිය කැපකල තෙරේසා මව්තුමියගේ අභාවප්‍රාප්ත සංවත්සරය සිහිපත් කරනු වස් සෑම වර්ෂයකම සැප්තැම්බර් 05වන දින ජාත්‍යන්තර පුණ්‍ය දිනය සමරනු ලබයි. මුලින්ම වර්ෂ 2011දී පමණ හංගේරියානු පාර්ලිමේන්තුව මගින් මෙම ජාත්‍යන්තර පුණ්‍ය දිනය නිර්මාණය කර ඇත. පසුව වර්ෂ 2012දී පමණ  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් A/RES/67/105 යන යෝජනාව මගින් සෑම වසරකම සැප්තැම්බර් 05වන දින ජාත්‍යන්තර පුණ්‍ය දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙවැනි දිනයක් ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ ස්වේච්ඡා සහ පරිත්‍යාගශීලී ක්‍රියාකාරකම් හරහා අන් අයට උපකාර කිරීම සඳහා ලොව පුරා සිටින පුද්ගලයින්, රාජ්‍ය නොවන සංවිධාන සහ පාර්ශකකරුවන් දැනුවත් කිරීමේ සහ බලමුලු ගැනිවීමයි. ඔස්සේ ලොව පුරා සිටින සරණාගත පිරිස් සඳහා මානුෂීය ආධාර ලබා දීම, ජාතීන් තුළ හා ජාතීන් අතර පවතින මානුෂීය අර්බුධ සහ මානව දුක් වේදනා සමනය කිරීම වැනි සංවේදී ගැටලු රාශියකට යම්තාක් දුරකට හෝ පිලියම් සෙවීමට ලෝක ප්‍රජාව උනන්දු කිරීමට හැකියාව ලැබී ඇත.

තෙරේසා මව්තුමිය විසින් දුප්පතුන්ට, රෝගීන්ට, අනාථ වූවන්ට සිය ජීවිත කාලය පුරා ඇප කැප වීමෙන් සේවය සැපයීමට කටයුතු කර ඇත. ඇය විසින් සිදුකරන ලද මෙම අමිල සේවය නැවත අගය කිරීම සඳහා මෙන්න නව පරම්පරාවට පිලිබඳ දැනුවත්භාවය ලබා දීමටද ඇයගේ අභාවප්‍රාප්ත දිනය මෙලෙස ජාත්‍යන්තර වශයෙන් සිහිපත් කිරීම ඉතා වටිනා කර්තව්‍යයකි. පුණ්‍ය කටයුතු වල නියැලීම මෙම දිනයට පමණක් සීමා නොකර හැකි සෑම විටම එකිනෙකාට උපකාර කර ගනිමින් යහපත් ජීවිත ගත කිරීම ලෝකවාසී සෑම පුරවැසියෙකුගේම වගකීමක් නොවුනමුත් එය සුන්දර යුතුකමක් සේ සලකා අපි සියලුදෙනාම කටයුතු කරමු.

 

Leo Nisansala Pathirana

Second year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...