Thursday, October 5, 2023

ගුරු දිනය

 


ගරු පාදං නමාමහං..

       මුල්ම වරට යුනෙස්කෝව විසින් ලෝක ගුරු දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1994 ඔක්තෝබර් 5 වනදාය. එම නිසා බොහෝ රටවල් ඔක්⁣තෝබර් 5 ගුරු දිනය ලෙස සමරනු ලබයි. ආජන්ටිනාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල මීට වෙනස් දිනවල ගුරු දිනය සමරන අතර එම එක් එක් රටවල ඔවුනොවුන්ට සුවිශේෂී වූ සිදුවීම් මුල් කරගෙන මෙම ගුරු දිනය සමරයි. ශ්‍රී ලංකාව ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් 6 වැනිදාය.

        ගුරු දිනය ජාත්‍යන්තර වශයෙන් සමරන දිනයක් බවට පත්ව ඇත්තේ ගුරුවරුන්ගේ අසීමිත කැපවීම, ඔවුන් තුළ පවතින ශ්‍රෙෂ්ඨ ගුණාංග අගයනුවස් ය. සදිසා නමස්කාරය තුළ බුදුරජාණන් වහන්සේ විසින් "ආචාරියා දක්ඛිණා දිසා" ලෙස ගුරුවරයා ශිෂ්‍යයාගේ දකුණු අත වනබව දැක්වූ සේක. ලොව අන් සියලු වෘත්තින් තනනා වෘත්තිය වන්නේ ගුරු වෘත්තියයි. රටට දැයට වැඩදායි මිනිසුන් මෙන්ම යහපත්, ගුණගරුක පුරවැසියන් දායාද කිරීමෙහිලා ගුරුවරයා මහඟු කාර්යයක් ඉටු කරයි. සිසුන්ට තවත් එක් ගුරුවරයෙක් පමණක් නොව දයාබර මවක, දයාබර පියෙකු ලෙස ඔවුන්ගේ ජීවිත එළිය කරනා ගුරුවරුන් ද මේ අතර වන බව කිව යුතුය. අවසානයේ, එලෙස තම සිසුන්ගේ සාර්ථකත්වයන් ඉදිරියේ මව, පියා සේම සතුටු කඳුළු හෙලන තවත් අයෙකු වේ නම් ඒ ගුරුවරයාමය. එබඳු ගුරුවරුන්ට මෙය උපහාරයක් ම වේවා!

Leo Hiruni Aththanayaka

First Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...