Friday, October 27, 2023

වප් පුර පසළොස්වක පොහොය දිනය

 


පොහෝ දිනයක් යනු සිංහල බොදු ජනතාවට බෙහෙවින් ම වැදගත් ආගමික අංගයකි.දොළොස් පොහොය අතුරින් වප් පුන් පොහොය සදහා ඉහළ වැදගත්කමක් හිමිවේ.වප් පුන් පොහොය ඔක්තොම්බර් මස යෙදේ.

වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

සැදැහැවත් බොදු ජනතාව ලෙස මේ පෝය දිනවල වැදගත්කම අවධාරණය කරමින් ආගමික වතාවක් සිදුකරමින් කටයුතු කිරීම අප සැමගේම යුතුකමකි.


Leo Tharushika Hansamali 

Second year

Faculty of Arts 

University of Colombo

👻 Happy Halloween

👻 Happy Halloween 👻 👻 Happy Halloween Introduction: When the Veil Thins On the evening of October 31st, a palpa...