Thursday, June 27, 2024

වරම් නොලදිමි මා....


ගව් ගණන් දුර අපේ ලෝකය

එකම හඳකින් දිලෙනවා

ලංව ඉන්නට නොහැකි හඳටම

අනේ මං ලොබ කරනවා...


හීන් හිරිකඩ වැටෙන හවසක

කැලෑ මල් හා හිනා වෙන්නට

මුහුදු සීතල දැනී නොදැනෙන

පපුතුරේ මුව හොවා ගන්නට

වරම් නොලදිමි මා....


රිදුම් දී ඇස් කෙවෙනි තෙත්වෙන

විටෙක ලංවී සනසවන්නට

වැටෙන විට මා දරා හිනැහී

නළල සිඹ සෙනෙහස බෙදන්නට

එහෙව් කවියක තනුව වෙන්නට

වරම් නොලදිමි මා.....


අහිමි නුඹ ගැන තැවුල් සංකා

හිතේ කොනකත් නොරැඳෙමී

සිහිනෙකින් හෝ රැයක තනිවම 

නුඹව රහසින් සිප ගමී

දිවි තුරාවට නුඹේ වෙන්නට

පිරූ පිං මට මදි වුනී

නුඹෙ සතුට දැක හිතින් හිනැහී

නුඹෙන් ඈතට ඉගිලෙමී....


Leo Nisansala Pathirana

Second year

Faculty of Arts

Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...