Tuesday, June 4, 2024

ලෝක පරිසර දිනය

 


හරිතවත් ලොවකට _ රැකගමු පරිසරය🍀🌍💦

අද ජුනි මාසයේ පස්වෙනිදා. ලෝක පරිසර දිනය අදට (05)යෙදී තිබේ.පරිසරය සංරක්ෂණය කර ගැනීමේ මුඛය අරමුණින් 1972 වර්ෂයේ දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී සිදු කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම ජුනි මස පස්වන දා ලෝක පරිසර දිනය ලෝකය හමුවේ ප්‍රකාශයට පත් කර ඇත."එකම පෘථිවියක්"  යන තේමාව යටතේ ලෝක පරිසරය දිනය ස්වීඩනයේ දී සෑම වසරක ම පවත්වයි.පරිසරය යනු මිනිසාගේ ප්‍රධාන ජීවනාලියයි. සුරක්ෂිත යහපත් පරිසරයක් නිරෝගී යහපත් පුද්ගලයෙක් බිහිකරයි.නූතනයේ  ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සෑම රටක් ම පාහේ පාරිසරික ගැටලු රාශියකට මුහුණ දී සිටී.මේ වනවිට ලෝකය පුරා ප්‍රධාන වශයෙන් ආහාර හා බලශක්ති, පිරිසිදු වාතය ආදී සෑම අංශයකම අර්බුද මතුව ඇත. අධික ජනගහනය, විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව නිසා ඇතිවන පරිසර දූෂණය, වන විනාශය,ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරක ගැටලුවලට ද සමස්ත ලෝකයම මුහුණ පා ඇත.

පරිසරය මිනිසා සුරක්ෂිත කළ ද මිනිසා විසින් පරිසරය සුරක්ෂිත කරනවා ද යන ප්‍රශ්නාර්ථය නූතනයේ උද්ගතව පවතින ප්‍රධාන අභියෝගය යි.මිනිසාට ජීවත්වීමට අවශ්‍ය සියලුම සංරචක පරිසරයෙන් ලබා දුන්නද මිනිසා පරිසරය විනාශවන ආකාරයේ මානව ක්‍රියාකාරකම් සිදුකරන තත්ත්වයක් වර්තමානයේ  ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.ශ්වසන ආබාධ ඇතුළු විවිධ රෝගාබාධ වලට ප්‍රධාන හේතුව වන්නේ පරිසරය සුරක්ෂිත වී නොතිබීමයි.මානව ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වන පරිසරය සුරක්ෂිත කර ගැනීමටත් සියලු පාරිසරික ගැටලු අවම කර ගැනීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රාශියක් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ  පරිසර හානිය අවම කිරීමට විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සමාගම් නිරන්තරයෙන් ක්‍රියා කරයි.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2020 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රතිශතය 32%කින් ඉහල නැංවීමට දැවැන්ත ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි.මනුසතාට සෙත සලසන සොබාදහමේ අපූර්ව දායාද ලොවෙන් සදහට ම තුරන් වී ගිය විට සොබා දහමේ වැදගත්කම විශ්වයට ම දැනෙනු නොඅනුමානය. පරිසර විනාශය අවම කරමින් සුරකිමු පරිසරය පණ මෙන්....


හුස්ම පොදට ජීවය දෙන ගස්වැල්

පිපාසය සංසිඳුවනා ඇළ දොළ ගංගා ජල පොදත්

සොබා දහමට අරුතක් එක් කරන වන සීපාවන්

හරිත පැහැ ලොවක් උදෙසා

උරුම වූ හරිත ලොව

සුරකිමු අප පණ මෙන්

එක්වෙමු සැවොම අද 

හරිත පැහැ ලොවක් උදෙසා

සිටවමු පැළයක් අද දින


Leo Nisansala Mihirani

Second year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...