Thursday, June 20, 2024

පොසොන් පොහොයේ වැදගත්කම

 



ලංකාවාසී මෙන්ම සකල විධ බොදුනුවන්ට අතිශයින්ම වැදගත් පුන් පොහෝ දිනයක් ලෙස පොසොන් පොහොය පෙන්වා දිය හැකිය. ලක්වැසි බොදුනුවන්ට එය අතිශය සුවිශේෂී වනුයේ සසර දුකින් එතෙර විය හැකි උතුම් ම සරණ වූ තිසරණ දහම ලක්දිවට ලැබීම නිසා ය.


එකල ලක්දිව රාජ්‍ය කර දෙටු පෑතිස් රජ දවස මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉට්ඪිය , උත්තිය, සම්බල,භද්දසාල, සුමන සාමණේර යන මහරහතන් වහන්සේලාත් බණ්ඩුක නමැති උපාසකයාත්  යන ධර්මදූත කණ්ඩායම ලක්දිමට තුන්ලොවට අග්‍ර වූ ගෞතම තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මස්කන්ධය ලංකාවේ  සුපතළ කිරීමට ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී වඩින ලදී.


මිහින්තල වන පියසේ දඩකෙළියේ නිරතවුණු දෙවන පෑතිස් නිරිඳුන් හට,


"සමනාමයන් මහා රාජ_ ධම්මරාජස්ස භාවනා තවේච අනුකම්පාය _ජම්බු දීපා ඉධාගතා"


"මහරජ අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ශ්‍රමණයෝ වෙමු.ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු."


යනුවෙන් පවසා රජුගේ නුවණැති බව පිරික්සීමට ප්‍රශ්න විමසා අවසානයේ රජුගේ නුවණැති බව දැනගත් උන්වහන්සේ ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය තකා සම්බුද්ධ ධර්මය දේශනා කර ලක්වැසියන් තුළ ශ්‍රද්ධාව පුබුදුවා, මාර්ගඵලලාභීන් බිහිකොට ,ගෞතම සසුන ලක්දෙරණේ ස්ථාපිත කිරීමට අනූපමේය උත්සාහයක් ගත් නිසා මිහිඳු මහරහතන් වහන්සේ "අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ" නමින් ලෝපතල විය.


උතුම් මනුෂ්‍ය පරපුරක් ලක් භූමියේ ඇති කරවා, සම්බුද්ධ සසුන ස්ථාපිත කරමින්, නිර්මල බුදු දහම ලංකා භූමියට දායාද කරන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ ය.මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය "මහින්දාගමනය" ලෙස ද ලෝ ප්‍රකට විය.උතුම් මහින්දාගමනයත් සමග පොසොන් පොහොය තුළ සුවිශාල වූ වැදගත්කම් රාශියක් පවතියි.


⭕මෙරට ලක්වාසීන්ට "දේවදූත සූත්‍රය" දේශනා කිරීම .

⭕මහමෙව්නා උයන පූජා කිරීම .

⭕එවකට ලක්වාසීන් තුළ පැවති දෙවියන් ,යක්ෂයින් භූතයන් ,වන්දනා කිරීමේ අනිත්‍යතාව පෙන්වාදීම .


⭕භණ්ඩුක උපාසකගේ මහන උපසම්පදාව සිදුවීම.


⭕බුදුන් වහන්සේ බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන අවස්ථාවේ බුද්ධ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ගණ රැස් විහිදීම.


මහින්දාගමනයන් සමඟ මෙලෙස සිදුවූ වැදගත්කම් රාශියක් ගැබ්ව පවතින සකල බුදුනුවන්ට ඉමහත් වැදගත්කමක් පවතින පොහොය දිනයක් ලෙස පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය පෙන්වාදිය හැකිය.ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලු ජනතාවට උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!!.

Leo Nisansala Mihirani

Second Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...