Saturday, March 1, 2025
වත්මන් සමාජ සන්දර්භයට මත්ද්‍රව්‍ය මගින් සිදු කරන බලපෑම
වර්තමාන සමාජ සන්දර්භයෙහි ව්‍යවසන රැසක් ඇති කරමින් මත්ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.නීතිමය වශයෙන් තහනම් හෝ වෛද්‍යමය නිර්දේශයකින් තොරව භාවිතයට ගැනෙන ද්‍රව්‍යයන් මත්ද්‍රව්‍ය ලෙස හැඳින්වේ.නූතන ළමා හා තරුණ පරපුර කෙරෙහි වඩාත් ව්‍යවසනකාරී බලපෑම් ඇති කිරීමට බලපා ඇති මෙම අන්තරායකයන් මගින් නීරෝගී තරුණ පරපුරක් අප රටට අහිමි කරමින් පවතී.මිනිසුන් පූර්ණ ආබාධ තත්ත්වයට පත් කරන රෝග අතරින් මත්ද්‍රව්‍ය භාවිතය මත ඇතිවන රෝගාබාධයන් ප්‍රමුඛ වේ.එසේම මොලයේ සිදුවන රසායනික විපර්යාසයන් ප්‍රතිඵලයක් ලෙස ඇතිවන මානසික රෝග අතර මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන රෝග ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය.එසේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා දිවි නසා ගැනීම් ප්‍රබල සිද්ධියක් ලෙස දැක්විය හැකිය.මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතය නිසා මරණයට පත්වීම හෝ අකර්මණ්‍ය තත්ත්වයට පත් වුවහොත් පවුල තුළ පැන නගින ගැටලු අතිමහත්ය.මූලික පවුල යන සංස්ථා බිඳ වැටීම සිදුවේ.මේ ආකාරයට වර්තමාන සමාජ සන්දර්භයට ප්‍රධාන බලපෑමක් එල්ල කරන මත්ද්‍රව්‍ය භාවිතය මගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට අප විශේෂ අවධානයක් යොමු කළ යුතුය.සමාජමය වශයෙන්, ආගමික වශයෙන් දේශපාලනමය වශයෙන් ආදී නොයෙකුත් පැතිකඩයන්ගෙන් මත්ද්‍රව්‍ය පිටුදැකිය හැකි ආකාරයේ සමාජ පසුබිමක් මෙරට ගොඩනැගිය යුතුය.එමෙන්ම තරුණ තරුණියන් තුළ මත්ද්‍රව්‍ය ආදීනව පිළිබඳ දැනුවත් භාවයක් ඇති කර ගුණාත්මක සංවර්ධනයක් සඳහා ඔවුන් පෙළඹවීම කළ යුතුය.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් පුනරුත්ථාපනයට යොමු කිරීම හා ඒ කෙරෙහි පසු විපරමකද නිරත විය යුතු අතර සමාජ සංවිධාන හරහා නිරන්තරයෙන් එහි හානිය පිළිබඳ දැනුවත් කිරීම් මගින් මත්ද්‍රව්‍යවලින් තොර ගුණගරුක සමාජ සන්දර්භයක් බිහිකිරීමට හැකි වනු නොඅනුමානයි.
Esala Full Moon Poya Day 2026
Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...
-
Hope for Diabetes – Type of Diabetes Types of Diabetes Diabetes is not a single disease ...
-
වෙසක් පුන් පොහොය 2026 ✦ Vesak Poya Day 2026 ✦ සදහම් අසිරිය වෙසක් පුන් පොහොය ...
-
World Children's and Elders' Day 2025 ❤️ 🌟 👶 👴 🌍 💖 🌍 World Chi...
