Monday, February 12, 2024

ලෝක ගුවන්විදුලි දිනය


පරිකල්පනීය මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය එදා මෙදා තුර සුවහසක් රසික රසිකාවියන්ට සුවිසල් සේවාවක් සපයයි. ලෝක ගුවන්විදුලි දිනය යෙදී ඇති අදවන් දිනයක ගුවන් විදුලි මාධ්‍ය ගැන කතා කිරීම ඉතා අගනේය.

 යුනෙස්කෝ සංවිධානය විසින් 2011 දී පවත්වන ලද  36 වෙන සමුළුවේදී තීරණය කරන ලද පරිදි සෑම වසරකම පෙබරවාරි 13 වෙනි දින ලෝක ගුවන් විදුලි දිනය සමරනු ලබයි. මෙලෙස පෙබරවාරි 13 වන දා ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කිරීමට හේතු වී ඇත්තේ  එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන්විදුලි සේවාවක් ආරම්භ කර තිබුනේ  1946 පෙබරවාරි 13 වන දින වීමයි.

වසර දහස් ගණනකට ඈත ඉතිහාසයකට දිව යන ගුවන්විදුලියේ ආරම්භය සඳහා කිහිප දෙනෙකු ම කැප වූ නමුත්  ගුවන්විදුලිය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනිටය.  එසේ රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් සොයා ගැනීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය  හිමිවූයේ ද මාර්කෝනිටය.  මෝස් සංඥා ක්‍රමයේ සිට වර්තමානයේ පවතින කෙටි තරංග  තාක්ෂණය(FM) දක්වා ගුවන් විදුලි තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් අභිවර්ධනය වී ඇත.  ලොව ප්‍රථම ගුවන් විදුලි සේවාව ලෙස බීබීසී සේවය පෙන්වාදිය හැකිය.

ගුවන් විදුලි දිනය සමරන අද වන් දිනක  ශ්‍රී ලංකාවාසී අපටද ගුවන් විදුලිය පිළිබඳව ආඩම්බරයෙන් කතා කළ හැකිය. ඊට හේතුව නම් ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ශ්‍රී ලාංකික අප සතුවීමයි.  එසේම බ්‍රිතාන්‍ය දේශ සීමාවෙන් පිටත පිහිට වූ ප්‍රථම ගුවන්විදුලි සේවාව ද ලංකා ගුවන්විදුලියයි. ඒ අනුව ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි මධ්‍යස්ථානය 1983 දී      ගිරාදුරුකෝට්ටේ පිහිටවන ලදී. ලොව ප්‍රථම ළමා ගුවන් විදුලි සේවය ලෙස "විදුල" ගුවන් විදුලි සේවය ආරම්භ කරන ලද්දේ ද ලංකාව තුළය. 

 ක්‍රමයෙන් ලොව පුරා ප්‍රචලිත වූ ගුවන්විදුලි මාධ්‍ය රසාස්වාදය දැනුම සහ තොරතුරු බෙදා දෙන මාධ්‍යයක් ලෙස අදටත් ලොව පුරා වෙසෙන ජනතාවගේ ප්‍රසාදයට පාත්‍රව ඇත.   සරල බස් වහර , පරිකල්පනීය බව , අඩු වියදම් මාධ්‍යයක්  වීම, සාක්ෂරතාව අවශ්‍ය නොවීම ආදිය  ගුවන් විදුලි මාධ්‍ය සුවිශේෂතා අතර ප්‍රධාන වෙයි.  රූපවාහිනී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය  අද කෙතරම් දියුණු වුවත් විවිධත්වය සහ නව්‍යකරණය මත ගුවන් විදුලි මාධ්‍ය ශ්‍රාවක මනසේ ඉහළම තැනක අදටත් රැඳී සිටි.  

මේ අයුරින්ම තවත් චිරාත් කාලයක් හරවත් රසවත්  වැඩසටහන් ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන්නට ගුවන් විදුලි මාධ්‍යයට හැකිවේවා'යි ලෝක ගුවන්විදුලි  දිනය දා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Leo chami wijesingha

First Year

Faculty of  Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...