Thursday, February 8, 2024

නුඹෙ නමින් දරා...


පිපී පරවී වැටෙන මල් නොවේ ශ්වේත වර්ණාදීයේ නොපෙනි යන සළු ඔබ මමත් මා ඔබත් රිද්දවන කළූ දුමාරය බිඳන් හෙට පිපෙයි කටරොළු

සිහින් හඬ කාංසිය රිදී ඉරි තලන ඇහි දාර ඉකිබිඳුම් කොට්‌ට උර තෙමන රක්ත වර්නෙන් නැගී හුස්ම මත යැපෙන යළි යළිත් නිවිය යුතු ගින්නක් ය දවන

සුසුම් හඬ මත වැටී නෙත් පිරුනු නුරා හිත පුරා තබා ගිය සිනහ රැලි මරා ක්ෂණයකින් පාව ගිය නුඹ මලකි වරා හැම හුස්ම ගනිමි මා නුඹෙ නමින් දරා

Leo Ayesha Lakmini
Third Year
Faculty of Arts

Esala Full Moon Poya Day 2026

Esala Full Moon Poya Day 2026 ✦ Esala Poya Day 2026 ✦ The Spiritual &...