බෙටා පිරිමි පෞරුෂ කාණ්ඩය
සමාජයේ ජීවත්වන පිරිමි පුදගලයින්ගේ පෞරුෂයන්ගේ ස්වභාවයන් එකිනෙකට වෙනස් වෙයි.සමාජීය වශයෙන් පිරිමි පෞරුෂත්වය ප්‍රධාන වශයෙන් කාණ්ඩ හයකට බෙදෙයි.ඒ අතරින් අපි බෙටා පිරිමි පෞරුෂ කාණ්ඩය ගැන විමසා බලමු.බෙටා පිරිමින්ගේ ක්‍රියාකාරීත්වය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ස්වභාවය අඩු අධිපතිභාවය,අවංක බව සහ සාමකාමී සහයෝගී සබඳතා ආදියෙන් සමන්විත වීමයි.මෙම පිරිමින් පිරිසිදු සහ සාමකාමී වශයෙන් ක්‍රියා කරන අතර ඔවුන් හැසිරීමෙන් අල්ෆා පිරිමි කාණ්ඩයෙන් වෙනස් වෙයි.බෙටා පිරිමින්ගේ ප්‍රධාන ලක්ෂණ නම්,
1. අඩු අධිපතිභාවය
බෙටා පිරිමින් සාමාන්‍යයෙන් අල්ෆා පිරිමින්ට වඩා අඩු අධිපති භාවයක් පෙන්වයි.මොවුන්ට සමාජීය මට්ටමින් මූලිකව පාලන භූමිකාවක් නොමැත.එම නිසා බෙටා පිරිමින් සමාජයේ අඩු අධිපතිභාවක් ගනී.
2. සංවේදී සහ අනුකම්පාවෙන් යුක්ත වෙයි.
බෙටා පිරිමින් සංවේදී හා අනුකම්පාවෙන් යුක්ත වෙයි.ඔවුන් අනිත් සමාජයේ ජීවත්වන පුද්ගලයින්ගේ හැඟීම් සහ අවශ්‍යතා පිළිබඳව උනන්දු වෙයි.එමඟින් ඔවුන්ට සමාජයේ ගැටලු විසදීමේ ගෞරවය හිමි වෙයි.
3. අඩු තරඟකාරීත්වය
බෙටා පිරිමින් අඩු ආධිපත්‍යයක් දරන නිසා ම සාමාන්‍යයෙන් තරඟකාරී නොවන ස්වාභාවයක් ඔවුන්ගේ චරිතයෙන් දක්නට ලැබෙයි.ඔවුන් සමාජය තුළ ප්‍රමුඛත්වයක් නොලබයි.එසේ වුව ද ඔවුන් තම කාර්යයක් ඉටු කිරීමේ දී තනිව නොව අන් අය සමඟ එකතු වී සහයෝගයෙන් කටයුතු කරන ලබයි.
4. විවිධ භූමිකාවන් සහ අවස්ථාවන් මත කටයුතු වෙයි.
බෙටා පිරිමින් සමාජීය අවස්ථාවල පිරිසිදු,සාමකාමී සහ පසුබැසීමේ හැසිරීමකින් යුක්ත වෙයි.එසේ ම අල්ෆා පිරිමින්ට වඩා විවිධ භූමිකාවන් සහ අවස්ථාවන් මත කටයුතු කරයි.
5. නිතර ගැටලුවලට ප්‍රතිචාර නොදක්වයි.
සමාජයේ ඇතිවන විවිධ වූ විරෝධතා ආදියට මොවුන් සහභාගී වන්නේ නැත.ගැටලු ආදියට ප්‍රතිචාර නොදක්වා විනිර්මුක්තව සිටීමට ඔවුන් උත්සුක වෙයි.අඩු අධිපතිභාවය සහ සහයෝගීතාවය මඟින් ඔවුන් ගැටලුවලට වඩා වැඩි අරමුණු සලස්වා ගැනීමට රුචි වෙයි.
6. ඉතා විශ්වාසවන්ත වීම.
බෙටා පිරිමින් ඉතා විශ්වාසවන්ත වෙයි.ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයින්ට සහය හා ආරක්ෂාව ලබා දෙයි.ඔවුන් බොහෝ විට පරිපූර්ණ සහ විශ්වාසදායක බවක් පෙන්වයි.
7. අවදානම් හා තරඟවලට අඩු කැමැත්ත
අවදානම් හා තරඟවලට අඩු කැමැත්තක් දක්වන නිසා ඔවුන් අධික තර්ජනවලට ද ඉතා අඩු කැමැත්තක් දක්වයි.
8. මනාප සහ සහයෝගී බවක් පෙන්වයි.
බෙටා පිරිමින් බොහෝ විට මනාප සහ සහයෝගී බවක් පෙන්වයි.ඔවුන්ට සහය දැක්වීමට,පාර්ශවයට ආරක්ෂාව ලබා දීමට සහ සමාජයේ සහයෝගීතාවය පවත්වා ගැනීමට ද මනාපයක් දක්වයි.
මේ ආකාරයට බෙටා පෞරුෂයෙන් යුතු පිරිමින්ගේ ලක්ෂණ ඉහත ආකාරයට හඳුනා ගත හැකි ය.