Monday, September 23, 2024

ජාත්‍යන්තර සංඥා භාෂා දිනය


අද සැප්තැම්බර් 23 දිනයයි.ලෝකයේ අද දින විශේෂ දිනයක් ලෙස වෙන්වීමට හේතුව අද එක්තරා සුවිශේෂී පුද්ගලයන් පිරිසකට මෙය සුවිශේෂී දිනයක් වීමයි.බිහිරි ප්‍රජාවගේ අයිතිවාසිකම් සාක්ශාත් කරගැනීම උදෙසා සංඥා භාශාව කෙතරම් දුරට වැදගත්ද යන්න ඉස්මතු කර දැක්වීමට අදවන් දිනයක් වෙන්වීමද සතුටට කරුණකි.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස සමාජයේ පිලිගැනෙන ඔවුන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් නොවේ..ඔවුන් විශේෂ දක්ශතා සහිත පුද්ගලයන් ලෙසට ඇමතීම වඩා සුදුසු බව මගේ මතයයි.ලෝකය තුළ භාශාව නිර්මාණය වීමට පෙර සෑම අයෙකුම සන්නිවේදනය කලේ සංඥා සංකේත මාර්ගයෙනි.භාශාවේ නිර්මාණයත් සමග එහි ක්‍රමික දියුණුවත් සමග කතා කිරීමට හැකියාව ලද මිනිසා වචන භාවිතයෙන් සන්නිවේදනය සිදුකළ අතර වචන භාවිත කිරීමට නොහැකි මිනිසාට අදටද සංඥා ක්‍රමය සන්නිවේදනය සදහා ඇති පහසුම ක්‍රමවේදය වේ.

 විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස සමාජයේ උකහා දක්වන පුද්ගලයන් වෙනුවෙන් සංඥා භාශාව විවිද පර්යේෂකයන් වලට ලක්වෙමින් දිනෙන් දින දියුණුවට පත්වන්නේය.එබැවින් සන්නිවේදන අපහසුතා සහිත එහෙත් සන්නිවේදන කුසලතාවය සහිත පිරිසට මෙය මහගු පිටුවහලක් වී ඇත.මෙසේ දිනෙන් දින දියුණු වන සංඥා භාශාව හඩක් නොමැති පුද්ගලයෙකුට හඩක් සපයන්නේය.එසේ බිහි වූ සංඥා භාශාව මේ වන විට ස්වභාවික සංඥා භාශාව දක්වා දියුණුවට පත්ව ඇත.ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට අපහසුවකින් තොරව මේ නිසා සන්නිවේදන කාර්‍ය කරගැනීම පහසුවී තිබීම සතුටට කාරණාවකි.

ලංකාව ඇතුළු ලොව පුරා මිලියන 70කට අධික ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට හඩක් වන සංඥා භාශාව දිනෙන් දින දියුණු වී හඩන් නොමැති ඔවුන්ට සමාජයේ සමතැන්හි ලා කටයුතු කිරීමට  එය පිටුවහලක් වේවා යැයි එසේ විශේෂ දක්ශතා ඇති සියල්ලන්ම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු.

Leo Kaveesha Hansani

Second Year

Faculty of Arts

වප් පුන් පොහෝ දිනය

  වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අග...