ලෝකයේ සමහර ප්‍රදේශවල ඒවා අද්විතීය කෘෂිකර්මාන්තයේ ප්‍රභවයක් වන අතර ඒවායේ බෑවුම් වල හොදින් වැඩෙන නිෂ්පාදන සදහා ප්‍රමාණවත් ඉඩක් සපයයි.කෝපි,කොකෝවා,ඖෂධ පැළෑට,කුලුබඩු සහ හස්ත කර්මාන්තවල ස්වරූපය භූ විද්‍යාව දක්වා මෙය විහිදේ.
ජාත්‍යන්තර කදුකර දිනය යනු මෙම අද්විතීය භූමි හැඩතල සහ ඒවා පිරිනැමීමට ඇති සියල්ල අගය කිරීමට ඔබට ඇති අවස්ථාවයි.ජාත්‍යන්තර කදුකර දිනය ලොව වටා මිනිසුන් විසින් ප්‍රිය කිරීමට හේතු ගණනාවක් තිබේ.ලෝකයේ සමහර ප්‍රදේශවල කදු හිගවීම බොහෝ මිනිසුන්ට ඒවාගෙ වටිනාකම දැනීම මෙයට ඇතුලත් වේ.ඇත්ත වශයෙන්ම ඔබට ලොව පුරා විවිධ කදු පිලිබදව විවිධ ජන කතා ජනප්‍රවාද ගැන කියවීමට පැය ගණනක් ගත කල හැකිය.මෙය නිසැකවම ජාත්‍යන්තර කදුකර දිනයේදී ලෝකය වැඩි විස්තර දැනගැනීමට වඩාත් ආකර්ෂණීය සහ රසවත් ක්‍රම වලින් එකකි.ඊට අමතරව ජාත්‍යන්තර කදුකර දිනය ඔබට කදු තරණය කිරීමට පරිපූර්ණ නිදහසට කරුණක් ලබා දෙයි.
2003 දෙසැම්බර් මාසයේදී පිහිටවන ලද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙම දිනය නිර්මාණය කලේ අප කදු මත යැපෙන සියලු දේ පිලිබදව දැනුවත් කිරීමට උපකාර කිරීම සදහාය.ඉහත සදහන් කර ඇති සියලුම මහිමයන් වේවා එසේත් නැත්නම් ඔවුන්ගේ නිවහන ලෙස හදුන්වන ශාක හා සත්ත්ව විශේශවල සෞඛ්‍යය හා යහපැවැත්ම සදහා ඒවා කොතරම් අවශ්‍යද යන්න ජාත්‍යන්තර කදුකර දිනය මගින් ප්‍රවර්ධනය කරයි.
ජාත්‍යන්තර කදුකර දිනය විනෝදාත්මකව සහ අධ්‍යාපනික ආකාරයට සැමරිය හැකිය.ඔබේ ප්‍රදේශයේ ඇති කදු පිලිබදව ඒවාගේ අතීතය පිලිබදව අධ්‍යනය කල හැකිය.එහි අගය අන් අයටද වටහා දීමට ජාත්‍යන්තර කදුකර දිනය කදිම දිනයකි.බොහෝ උද්‍යාන සහ කදු සහිත නව භූමි ප්‍රදේශ සොයාගත හැකිය.සැගවුනු කදුකර ස්ථාන වල විවිධත්වය සෙවිය හැකිය.නැතහොත් විශ්මිත සංචාරක නගරවල වේවා එහි ගොස් අධ්‍යනය කල හැකිය.
එමෙන්ම කදවුරු බැදීම්ට ජාත්‍යන්තර කදුකර දිනය භාවිතා කල හැකිය.කදුකරයේ සති අන්තයේ කදවුරු බැදීම ඇදහිය නොහැකි අත්දැකීමකි.ඔබ එළිමහන් පුද්ගලයෙක්ද නැද්ද යන්න මත පදනම්ව ඔබට සම්පූර්ණ කදවුරු අත්දැකීමක් ලබා ගත හැකිය.ඔබ අවට කදු සහ අහසේ තරු දෙස බැලීම තරම් දෙයක් නැත.එය ඇදහිය නොහැකි අත්දැකීමක් වන අතර අනිවාරෙන්ම ජාත්‍යන්තර කදුකර දිනය ගත කිරීමට හොදම ක්‍රමයකි.එනිසා ඔබේ අනෙකුත් මිතුරන් සමග විශිෂ්ට කදවුරු සති අන්තයක් භුක්ති විදිය හැකිය.
කදු නැගීමේ ලෝලීන්ට බොහෝ මංපෙත් සහ රහසිගත ස්ථාන ප්‍රීතියක් වන අතර සුලු පිරිසක් පැමිණෙන කදුකර ප්‍රදේශ භුක්ති විදිමට හැකිය.ඒවා සංවර්ධනය කිරීමේ කිරීමේ පෙරමුණ ගත හැකිය.
Leo Poornima Nethmini
First Year
Faculty of Arts